
මෙම ලිපියේ අරමුණ කුමක්ද?
ලංකාවේ සහ ජාත්‍යන්තරව පිළිගත් මෝටර් රථ තාක්ෂණික පාඨමාලාවක් ලංකාවේ නොමිලේ හැදෑරීම සඳහා මග පෙන්වීමක් ලබා දෙන ලෙස බොහෝ දෙනා අපගෙන් ඉල්ලීම් කර ඇති අතර ඒ වෙනුවෙන් මෙමෙ ලිපිය ඔබ වෙත ගෙන එනු ලබනවා.
ඇතැම් සිසු දරුවන් පාසල් අධ්‍යාපනයෙන් පසුව ඉතා විශාල මුදලක් වියදම් කර ඇතැම් මෝටර් රථ පාඨමාලා හදාරනවා. පාඨමාලාව අවසානයේ දේශීය හෝ විදේශීය රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට ඔවුන් ඉදිරිපත් වනවා. එහිදී තමයි ඔවුන් දැන ගන්නේ තමන් හදාරන ලද පාඨමාලව පිළිගන්නේ නැහැ එසේත් නැත්නම් සුදුසු නැහැ කියල. ඒ හේතුව නිසා දැනට පවතින මෝටර් රථ කර්මාන්තයේ ඇත්ත තත්වයත් හැදෑරිය යුත්තේ කුමන ආකාරයේ පාඨමාලාවක් යන්නද පිලිබදවත් අප මෙයින් කරුණු කියා දෙන්නයි සූදානම.
ඔබ අලුත්වැඩියා කරන වාහන වර්ගය කුමක් වුවත්
ස්ථානය කුමක් චුවත්...
සෑමවිටම පිරිසිදු ඕවර් රෝල් භාවිතා කරන්න.
ඕනෑම කෙනෙකුට දැකීමට ප්‍රිය වන ලෙස ඔබේ පෙනුම වැඩහලේදී (workshop) පවත්වා ගන්න.
ආරක්‍ෂිත පාවහන් Shoe Polish ආලේප කිරීම මගින් පිරිසිදුවත් අලංකාර ලෙසත් පවත්වාගන්න.
හැකි සෑමවිටම අත් ආවරණ භාවිතා කරන්න.
සෑමවිටම අනෙකුත් පුද්ගල ආරක්‍ෂිත උපකරණද (ආරක්‍ෂිත පාවහන්/ඇස් ආවරණ ආදිය) භාවිතා කරන්න.
සෑමවිටම ඔබෙ ආරක්ෂාව පිලිබඳවද සැලකිලිමත් වන්න.
සෑමවිටම වැඩ කරන වාහනයේ ආරක්ෂාව පිලිබඳව සැලකිලිමත් වන්න.
අලුත්වැඩියාවේදී සෑම විටම වාහන නිෂ්පාදකයාගේ උපදෙස් අනුගමනය කරන්න.
පරිගණක දැනුම,ඉංග්‍රීසි දැනුම සහ නවීන දෝෂ පරික්ෂා කිරීමේ උපකරණ සම්බන්ද දැනුම නිතරම යාවත්කාලීන කරගන්න.


ලංකාවේ සහ ජාත්‍යන්තරව පිළිගත් මෝටර් රථ තාක්ෂණික පාඨමාලාවක් ලංකාවේ නොමිලේ හැදෑරීම සඳහා මග පෙන්වීමක් ලබා දෙන ලෙස බොහෝ දෙනා අපගෙන් ඉල්ලීම් කර ඇති අතර ඒ වෙනුවෙන් මෙමෙ ලිපිය ඔබ වෙත ගෙන එනු ලබනවා.
ඇතැම් සිසු දරුවන් පාසල් අධ්‍යාපනයෙන් පසුව ඉතා විශාල මුදලක් වියදම් කර ඇතැම් මෝටර් රථ පාඨමාලා හදාරනවා. පාඨමාලාව අවසානයේ දේශීය හෝ විදේශීය රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට ඔවුන් ඉදිරිපත් වනවා. එහිදී තමයි ඔවුන් දැන ගන්නේ තමන් හදාරන ලද පාඨමාලව පිළිගන්නේ නැහැ එසේත් නැත්නම් සුදුසු නැහැ කියල. ඒ හේතුව නිසා දැනට පවතින මෝටර් රථ කර්මාන්තයේ ඇත්ත තත්වයත් හැදෑරිය යුත්තේ කුමන ආකාරයේ පාඨමාලාවක් යන්නද පිලිබදවත් අප මෙයින් කරුණු කියා දෙන්නයි සූදානම.
NVQ සහතිකය වැඩ කිරීමේ හැකියාව මත පිරිනමන සහතිකයකි.මෙතෙක් කල් සුදුසුකම් ලබා ගත හැකිවුයේ පාසලක හෝ පුහුණු මධ්‍යස්ථානයක පාඨමාලාවක් හැදෑරීමෙන් පමණී.නමුත් මෙම ක්‍රමය මඟින් වැඩ බිමද,කර්මාන්ත ශාලාවද,කාර්යාලයද අධ්‍යාපනය හා පුහුණුව ලබන ස්ථාන ලෙස පිළිගැනෙන අතර එසේ වැඩ කිරීම තුළින් ලබන නිපුණතාවය හා දැනුම මත NVQ සහතික ලබා ගත හැක.මේනිසා රැකියාව කරන අතර ක්‍රමයෙන් ඉහළ මට්ටමේ වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට කාර්මික ශිල්පීන්ට අවස්ථාවක් ලැබෙනු ඇත."ජාතික නිපුණතා සම්මතය" ප්‍රසිද්ධ ලේඛනයක් වන හෙයින් එක් එක් NVQ සහතිකයට අදාළ දැනුම හා නිපුණතාවය පිළිබඳව සියලුම සේවා යෝජකයින් දැනුවත් වනු ඇත.

සර් අයිසැක් නිව්ටන්ගේ දෙවැනි නියමය මගින් විස්තර කරන්නේ වස්තුවක ප‍්‍රමාණය (mass), එහි ත්වරණය (acceleration) හා ඒ මත යෙදෙන බලය (force) අතර ඇති සම්බන්ධතාවයයි. මෙය අලුත් දෙයක් නොවුවද මෙම නියමයේ විශේෂ කරුණු දෙකක් අඩංගුව තිබෙනවා. ඉන් එක කාරණයක් නම් වස්තුවක් මත යොදන බලය වැඩිවන විට එහි ත්වරණයද වැඩිවන බවයි. උදාහරණයක් වශයෙන්. ඔබේ මොටර් රථ ඇන්ජිමේ බලය වැඩිවන විට එයට අනුකූල වූ වේගයකින් ඔබට රිය ධාවනයද ආරම්භ කළ හැකියි.
මෙම දෙවැනි නියමයට අනුව වස්තුවක ස්කන්ධය හා ත්වරණය එකිනෙකින් ගුණ කළවිට එම වස්තුව මතට යෙදෙනෙ බලයේ ප‍්‍රමාණය සොයා ගත හැකිය. ( f=mv )

ස්කන්ධය යනුවෙන් හැඳින්වෙන්නේ ත්වරණයට භාජනය වෙන වස්තුවේ අඩංගු ද්‍රව්‍ය ප‍්‍රමාණයයි. අප අතරින් බොහෝ දෙනෙක් ස්කන්ධය හා බර යන වචන දෙකම එකම අරුතින් යෙදුවත් එය මුළුමනින්ම නිවැරදි දෙයක් නොවේ. මන්ද වස්තුවක බර තීරණය වෙන්නේ බර මනින අවස්ථාවේ ඒ මත බලපවත්වන ගුරුත්වාකර්ෂණය අනුව බැවිනුයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් පොළවට වඩා අඩු ගුරුත්වාකර්ෂණයක් ඇති හඳේදී වස්තුවක බර අඩුවෙනවා. එහෙත් ස්කන්ධය යන්නෙන් අදහස් කරන්නේ වස්තුවක අඩංගුවන සියළුම දව්‍ය වල අඩු වැඩියේ ප‍්‍රමාණයයි. වෙනත් අන්දමකින් කිවහොත් එම වස්තුවේ අඩංගු සමස්ත පරමාණු ප‍්‍රමාණයයි.
ඇත්තටම මේ දෙවැනි නියමයෙන් පෙන්නුම් කරන්නේ සරල දෙයක්. පුළුන්,පබලූ, ටීක්බෝල වැනි අඩු ස්කන්ධයක් ඇති වස්තු වලට වඩා බැරල්, යකඩ පෙට්ටි වැනි වැඩි ස්කන්ධයක් ඇති වස්තු චලනය කිරීම අමාරු දෙයක් බව අප හොඳින් දන්නවා. මේම දෙවැනි නියමය සංඛ්‍යාත්මකව f=mv යන කුඩා සමීකරණය මගින් හොදින් විස්තර කළ හැකියි. මෙහිදී f යන්නෙන් බලයත් m යන්නෙන් ස්කන්ධයත් v යන්නෙන් ත්වරණයත් අදහස් වෙනවා. ඒ අනුව වස්තුවක් මත යොදන බලය එම වස්තුවේ ස්කන්ධය ත්වර්ණයෙන් ගුණ කළ විට ලැබෙන අගයට සමානයි. කිසියම් වස්තුවක් මත යෙදෙනෙ බලය හා එහි ස්කන්ධය පැවසෙන සංඛ්‍යාත්මක අගයන් දන්නේ නම් මේ සමීකරණය යොදා ගැනීමෙන් හෙල්ලයක්, කාලතුවක්කු උන්ඩයක්, හෝ ගුවන් යානයක් වැනි වස්තුවක් කොතරම් වේගයකින් ගමන් කරන්නේදැයි පහසුවෙන් සොයා ගත හැකිය. ඒ සඳහා එම වස්තුවට යොදන බලය හා වස්තුවේ ස්කන්ධය අප දැන සිටිය යුතුයි.
ඔබේ මෝටර් රථයේ ආසන පටිය නොදමා සිටින විටදී සිදුවන අනතුරක් මත ඇතිවන හානිය ආසන පටිය දමාගෙන සිටින විටදී සිදුවන හානියට වඩා බෙහෙවින් වැඩි වේ. මෙසේ සිදුවන්නේ කෙසේද?
මෙම නියමයට අනුව, පැයට කිලෝමීටර 70 ක වේගයෙන් ඔබ රිය පදවමින් සිටින විට එක්වරම රථය ලිස්සා ගොස් පාර අයිනේ ඇති ගසක වේගයෙන් හැපුනේ යැයි සිතමු. මෙවිට සිදුවිය හැක්කේ කුමක්ද යන්න නිවිටන්ගේ නියම වලින් මනාව පැහැදිලි කර දිය හැකියි.
ධාවනයේදී ඔබ මෙන්ම ඔබ ගමන් ගන්නා රියද පැවතුණේ අවස්ථිතික (inertia) අවස්ථාවේයි. වඩාත් සරලව කිවහොත් ‘අවස්ථිතිය’ යන්නෙන් අදහස් වන්නේ නිරතව සිටින කටයුත්තේම එනම් පැයට කිලෝමීටර් 70ක වේගයෙන් ධාවනය වෙමින් පැවතීමට ඔබ සහ ඔබේ රියට ඇති ප‍්‍රවණතාවයයි. කිසියම් බලයක් භාවිත නොවන්නට මේ අවස්ථිතික තත්වය දිගටම පවතින්නට පුළුවන්. එහෙත් රිය ගසෙහි හැපුන විට ගස විසින් යොදන ලද බලය නිසා රිය නතර වුණා. කෙසේ වෙතත් ඔබ ආරක්ෂිත පටිය පැළඳ සිටියේ නැත්නම් ගස විසින් යොදන ලද බලයට ඔබ කෙලින්ම හසු වන්නේ නැහැ. ඒනිසා ඔබේ සිරුර අවස්ථිතික තත්වය යටතේ ධාවනය වූ වේගයෙන්ම නොකඩවා ඉදිරියට ගමන් කරනවා. නිව්ටන්ගේ වචන වලින් කිව්වොත් එවිට ඔබ ඉන්නේ ‘ඒකාකාර ත්වරණයකයි’. ඔබේ ඒකාකාර ත්වරණය වෙනස් කරණ බලයක් කෙලින්ම සිරුරට නොයෙදුනොත් ඒ ඒකාකාර ත්වරණයෙන්ම ඔබේ සිරුර ඉදිරියට යනවා. ආසන පටිය පැළඳ ගෙන නැත්නම් එසේ ඉදිරියට යාම වැලකෙන්නේ නැහැ. ඒ නිසා සිදුවන්නේ වේගයෙන් සුක්කානමේ හෝ වෙනත් යමක වැදී ඔබට මරණීය තුවාල සිදුවීමයි.
ආසන පටියෙන් සහ රිය ගැටීමකදී සැනින් පිමබී ක‍්‍රියාත්මක වන සුක්කානමේ ඇති ආරක්ෂක බැලූම (Air Bag) මගින් කෙරෙන්නේ කිසියම් පාලනයකට ලක්වූ වඩා අඩු බලයක් යෙදීමෙන් ඔබේ සිරුර එසේ ඉදිරියට යාම අඩුකිරීමයි. ධාවනය වෙන වේගයෙන්ම ඉදිරියට යන සිරුර කෙලින්ම සුක්කානමේ හෝ වෙනත් යමක වැදී බරපතල ලෙස තුවාල වෙනවාට වඩා ආසන පටියෙන් හා වාහනයේ ඇති ආරක්ෂක බැලූමෙන් පාලනය වී සිරුර ඉදිරියට යන වේගය සැලකිය යුතු පමණින් අඩුවීම බෙහෙවින් ආරක්ෂා දායකයි. ආසන පටිය හා පිමිබෙන ආරක්ෂක බැලූම තිබුණත් නැතත් මෙවැනි අවස්ථාවකදී චලිතයට ඇතිවන වෙනස වැලකෙන්නේ නැහැ. එහෙත් ආසන පටි හා සැනෙන් පිම්බෙන ආරක්ෂක බැලූමට යොදා ඇති නූතන තාක්ෂණය නිසා එසේ චලිතය වෙනස්වන බලය ඒ තරම්ම දරුණුවට ඔබේ සිරුරට දැනෙන්නේ නැහැ.
Disclaimer
This Webpage is continued for your personal appreciation or educational conscient purposes only. All Content of this webpage is published by extracting the information from online sources such as government official websites and other websites etc. The copyrights of these contents belong to the responsible owners. If a modification will happen in these information, our website does not assume any responsibility.